Loader
සිංහල தமிழ் English

දෙහිවල සත්වෝධ්‍යානයේ 80 වෙනි සංවත්සරය සැමරිම

හැඳින්විම
උදා වු  2016 වර්ෂය දෙහිවල ජාතික සත්වෝද්‍යානයට නැවුම් පෙළහරකට ආරම්භයක් වන්නේ සිය 80 වැනි ජන්ම සංවත්සරය එම වර්ෂයේ ජුලි මස 03 දිනට යෙදි තිබ්මයි.

ජර්මන් ජාතික ඡෝන් හාර්ගන්ඛෙක් මහතා යුරෝපීය සත්වෝද්‍යානවලට සතුන් අලෙවි කිරිම සඳහා තවකාලිකව ආරම්භ කරන ලද දෙහිවල ප්‍රදේශයේ පිහිටි මෙම සත්ව ගාල 1926  දි පමණ  ලංකා සත්වෝද්‍යාන සමාගම (Ceylon Zoological Gardens Company) නමින් සමාගමක් බවට පත් කර ජනතාව වෙත සතුන් නැරඹිමට අවස්ථාව සලසා දෙන ලදිග අක්කර 11 ක භූමියක් තුළ පෞද්ගලික ආයතනයක් ලෙස පවත්තා ගෙන ගිය මෙය 1936 ජුලි මස 03 දින රජයට පවරා ගන්නා ලදි.

අනතුරුවල එය  ලංකා සත්වෝද්‍යානය (Ceylon Zoological Gardens) ලෙස නම් කල අතරල එයට යාබද තවත් අක්කර 12 ක භූමි භාගයක් පවරා ගෙන අක්කර 23 ක් දක්වා ව්‍යප්ත කළේය. මෙහි ප්‍රධාන අරමුණ වුයේ ජනතාවට අපුර්වත්වය සහ විනෝදාස්වාදය ලබා දිමයි.

මෙසේ ශි්‍ර ලංකාවට හඳුන්වා දූන් සත්වෝද්‍යාන සංකල්පය හේතුවෙන් බ්හි වු දෙහිවල සත්වෝද්‍යානය 1962 දි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවක් බවට පත් විය. වර්තමානයේ එම  දෙපාර්තමේන්තුවට දෙහිවල සත්වෝද්‍යානයට අමතරවල පින්නවල සත්වෝද්‍යානයල පින්නවල අලි අනාථාගාරය සහ ශි්‍ර ලාංකිකයන්ට නවතම අත්දැකිමක් එකතු කරමින් නොබෝ දිනකින් විවෘත වන හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ සෆාරි උද්‍යානයක් ද වේ.

වයස අවුරුදූ 80 ක් වුවදල වියපත් නොවි දිනෙන් දින පරිනතවන  දෙහිවල සත්වෝද්‍යානය අසු වසරක් ඇවෑමෙන් ආ මඟ දෙස ආපසු හැරී බලන්නේ මහත් අභීමානයෙනි. ඒ  අභීමානය සමරන්නටත්, පෙරමඟ එළි පෙහෙළි කර ගන්නටත් 2016 වර්ෂය සුවිශේෂි වනු නිසැකය. එබැවින් එම වර්ෂයේ ජුලි මාසය පුරාවට වැඩසටහන් රාශියක් කි්‍රයාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරනු ලබයි.

අරමුණූ

  • දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව විද්්‍යාත්මක අධ්‍යාපනය තිරසාර කි්‍රයාවලියක් උදෙසා යොමු කිරිම
  • සත්ව විශේෂ පරි බාහිර සංරක්ෂණය කිරිමේදි සත්වෝද්‍යානය ඉටු කරන අසිරු වු කාර්ය භාරය මහජනතාව දැනුවත් කිරිම
  • අප ආදරයෙන් රුක බලා ගන්නා සතුන්ට සහ නරඔන්නන්ට  වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දිම,
  • අසිරු රාජ්‍ය සේවයක යෙදෙන කාර්යය මණ්ඩලය ඇගැයීම

 

කි්‍රයාත්මක කිරිම සඳහා යෝජිත වැඩසටහන්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු කිහිපයක්  කේන්ද්‍ර කර ගනිමින් කි්‍රයාත්මක කිරිමට අපේක්ෂිතය

  1. අධ්‍යාපන

1.1. ජුලි මාසය පුරා විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගි කර ගනිමින් තර්ජනයට ලක් වු සත්ව විශේෂ පිළිබඳව සහ ඔවුන් සංරක්ෂණය සඳහා සත්වෝද්‍යානය විසින් ඉටු කරන කාර්ය භාරය ජනතාව දැනුවත් කිරිම

1.2. මහජනතාව අතර තිඛෙන සත්වෝද්‍යානය පිළිබඳ ජයාරූප මතක සටහන් ලබා ගැනිම මෙය Face book, Twitter  හරහා ඉටු කිරිම

1.3. ආරාධිත පාසල් දරුවන් සහභාගි කර ගෙන අධ්‍යාපන වැඩසටහනක් පැවැත්විම මෙය රාති 9.00 පමණ දක්වා පවත්තා සතුන්ගේ හඬ හඳුනා ගැනිමට අවස්ථාව සැලසිම

2. ප්‍රදර්ශන

2.1. දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිහාසය පිලිබඳ ජයාරූපල තොරතුරු සහ එක් එක් දශකයේ ප්‍රධාන විශේෂාංග (උදාහරණ – පින්නවල සත්වෝද්‍යානය විවෘත කිරිම) කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට සුදානම් කිරිම

2.2. 80 වෙනි සංවත්සරය වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ වෙබ් අඩවියේ පිටුවක් සකස් කිරිම

2.3. ජුලි මාසයේ තෝරා ගත් දින 03 ක් ප්‍රදර්ශනයක් සත්වෝද්‍යානයේ පැවැත්විම

2.2.1. බාහිර ආයතනවලින් ප්‍රදර්ශන කුටි ලබා ගෙන මහජනතාව දැනුවත් කිරිම්

(වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව/පරිසර අමාත්‍යංශය/මධ්‍යම පරිසර අධිකාරිය/කණිෂ්ඪ සහ ජේෂ්ඪ තරුණ සත්වවේදි සංගමය වැනි ආයතන වලින්)

2.2.2. සත්වෝද්‍යානය ඉටු කරන තෝරා ගත් අසිරු කර්තවයන් මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරිම

මේ සඳහා,

මහජනතාවට සමාන්‍යයෙන් ප්‍රදර්ශනය නොකරන සත්ව ආහාර පිලිියෙළ කරන ආකාරය, සතෙකුට ඛෙහෙත් කිරිම,මින් මැදූරල උරග උයන අභ්‍යන්තර කටයුතුල සත්ව අරණක් තුළ සිදූ කරන කටයුතුල සත්ව අරණ අතර සත්ව හුවමාරු කිරිමල සත්ව ප්‍රවාහන කිරිම, කෞතුකාගාරයේ සත්ව නිදර්ශකයක් සකස් කරන ආකාරය, අන්තර්ජාතික සත්ව හුවමාරු කිරිම වැඩසටහන් යෙදා ගත හැකිය.

2.4. 80 වෙනි සංවත්සරය වෙනුවෙන් ජයාරූප ගැනිමට කිරිමට ති්‍රමාණ කොටසක් මාර්ග පද්ධතියේ සකස් කිරිම (animal foot mural etc)

3. පර්යේෂණ

3.1. මෙතෙක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආශි්‍රතව සිදූ කරන ලද පර්යේෂණ එකතුවක් මඟින්  ජ’නලයක් ප්‍රකාශයට පත් කිරිම

4. සුභ සාධන කටයුතු

4.1. දෙහිවල සත්වෝද්‍යානයේ  පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලය,අධ්‍යාපන කේන්ද්‍රයල මුළුතැන්ගෙය ආදි  ගොඩනැඟිලි පිටත හා ඇතුලත ගෘහ භාණ්ඩ ඇතුළුව තින්ත ආලේප කර අˆත් වැඩියා කිරිම (උදාහරණ කාර්යාලයේ පිළිගැනිම් කවුන්ටරය,ශ්‍රවණාගාරය පිළිවෙලකට සකස් කිරිමල කාර්යාලයේ අධ්‍යාපන කේන්ද්‍රයේ ගොඩනැඟිලිවල සත්ව රූප- මියුරල් හයි ප්‍රේෂර් කිරිම)

4.2. දෙහිවල සත්වෝද්‍යානයට සහ මෙහි සේවයේ යෙදි සිට ම්ය ගිය කාර්යය මණ්ඩලයට සෙත් පතා සර්ව   රාති්‍රක පිරිත් සඡ්ජායනවක් සහ භික්ෂුන් වහන්සෙලා 80 සඳහා දානමය පුන්‍යකර්මයක් සිදූ කිරිම

4.3. කˆබෝවිල රෝහල වෙත මාˆ ටැංකියක් /උද්‍යානයේ කොටසක් /වාට්ටුවක් පිලිසකර කර ලබා දිම

ඒ වෙනුවට දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් වෙත මාසිකව වෛද්‍ය සායනයක් සඳහා  වෛද්‍යවරයෙකුගේ සහ ඹෟෂධවේදියෙකුගේ සහය ලබා ගැනිම

4.4. දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කර විශ්‍රාම ලබා ගත් සේවක පිරිසගේ නාම ලේඛනයක් සකස් කිරිම

4.5. දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කර විශ්‍රාම ලබා ගත් සේවක පිරිසට ආරාධනා කර දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විම (2012 දෙසැම්බර් සිට මේ දක්වා විශ්‍රාම ලබා ගත් සේවක පිරිසට හෝ)

4.6. දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කරන සේවක පිරිස වෙත තම සේවා කාලය ඇගැයීමට ලක් කරමින් සමරු තිලණයක් ප්‍රධානය කිරිම

4.7. දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කරන සේවක පිරිස වෙත ජුනි මාසයේ දිනක දිවා / රාති්‍ භෝජන  සංග්‍රහයක් පැවැත්විම,එදිනට පැඳුරු සාජ්ජයක් පැවැත්විම

5. විනෝදාස්වාදය සඳහා

5.1. සත්වෝද්‍යානයට අදාළව සමරු භාණ්ඩ මුද්‍රණය කිරිම (Pen holder, T Shirt, Cap)

5.2. 80 වෙනි සංවත්සරය ලෙෂ සඳහන් ස්ටිකර්යක් මුද්‍රණය කිරිම

5.3. සත්වොද්‍යානය ඉදිරිපිට 80 වෙනි සංවත්සරය සඳහන් බැනර් ප්‍රදර්ශනය

5.4. උත්සව අවස්ථා වෙනුවෙන් ධජ පතාක කිහිපයක් සකස් කිරිම