Loader
සිංහල தமிழ் English

ජාතික සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුව

(තිරසාර සහ වනජීවි අමාත්‍යාංශය)

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 20 වන සියවසේ මුල් භාගයේ ආරම්භ කරන ලද වන සතුන් සංරක්ෂණය කළමනාකරනය සහ වසර පුරාම සතුන් ප්‍රදර්ශනයට පුරෝගාමී වු  ආයතනයකි.

මෙය යුරෝපීය සත්ව උද්‍යාන සඳහා සතුන් අල්ලා එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කල අතර 1936 වසරේදි රජයට පවරා ගන්නා ලදි. වර්ෂ 1946 දී මෙය ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් විය.මෙහි මුලික ඉලක්කය සත්ව සංරක්ෂණයට වඩා ජනතාවගේ කුතුහලය හා විනෝදාස්වාදය ලබා දීම වේ.

ලෝකයේ සත්වෝද්‍යාන සංකල්පය වෙනස් වීමත් සමග ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය එහි සංරක්ෂණ ඉලක්ක වෙතට යොමු වීමේදී සංස්කෘතික,අධ්‍යාපනික,විද්‍යාත්මක හා වෙළඳ යන අංශයන්ගෙන් වෙනස් වීම් මගින් දියුණු වී ඇත.සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස විශේෂයෙන් තර්ජනයට ලක්වු සත්ව විශේෂ ඇති දැඩි කරන සත්ව ගහනයන් කළමනාකරණ‍ය මගින් ගෝලීය මහාද්වීප සංරක්ෂණය උදෙසා වැදගත් කාර්යභාරයක් සත්වෝද්‍යානය මගින් ඉටු කරනු ලබයි.

වර්තමානයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, දෙහිවල සත්වෝද්‍යානය,පින්නවල අලි අනාථාගාරය,පින්නවල  සත්වෝද්‍යානය රිදියගම සෆාරී උද්‍යානය සහ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට පළතුරු,එළවළු සපයන ගෝනපොල ගොවිපල දක්වා ව්‍යාප්තව ඇත.

දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය ලෝක ප්‍රසිද්ධ වී ඇතිඅතර වර්ෂයක‍ට මිලියන 1.9 පමණ‍ ට වඩා නරඹන්නන් පැමිණේ.

දැනට දෙහිවල ජාතික සත්වෝද්‍යානය සීමිත භූමී භාගයක පිහිටා ඇති බැවින් නූතන ජාත්‍යන්තර පුමිතින්ට  අනුව ඉඩ පහසුකම් සැපයීම සීමිතවේ.මෙම අවශ්‍යතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වර්ෂ 2015 නව සත්වෝද්‍යානය පින්නවලදී ආරම්භ කරන ලදි.

දෙහිවල සත්වෝද්‍යානය නියමිත ප්‍රමිතිය සඳහා සංවර්ධනය කෙරේ‍.මෙම නව සංකල්පය අනුව ශ්‍රී ලංකාවේ පවත්නා අත්දැකීම් අනුව අතිරික්ත සතුන් කළමනානරණ‍ය සහ සුභසාධනය සඳහා රිදියගම සෆාරී උද්‍යානය පාරිසරික සංචාරක අතිරේඛ ආදායම් ලබා ගැනීම සඳහා ඉදිවෙමින් පවති.එය නුදුරු දිනෙක මහජනතාවට විවෘත කිරීමට නියමිත වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රාසජනක අත්දැකීම් ලබා දෙනු ඇත.