Loader
සිංහල தமிழ் English

මිහිමත සද්ධන්තයින් ඔබේ දෑතින් සුරකින්න ආරාධනා…….

ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් කරා පිය නගන පින්නවල අලි අනාථාගාරය…….

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරය මේ වන විට ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් බවට පත් කරලීමේ අරමුණින් යුතුව කටයුතු සැලසුම් රාශියක් සකස් කරමින් පවතී. විශේෂයෙන්ම 2021 ජනවාරි මස 01 වන දා සිට පින්නවල අලි අනාථාගාරය මුළුමනින්ම ප්ලාස්ටික් හා පොලිතින්වලින් තොර හරිත සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීම අපගේ මූලික අරමුණයි.

පින්නවල අලි අනාථාගාරය නැරඹීමට දෛනිකව පැමිණෙන ඇතැම් දේශීය හා විදේශීය සංචාරකයින් විසින් ආයතනය තුළ දී ඉවතලන පොලිතින් හා ප්ලාස්ටික් නිසා ආයතනය තුළ විශාල කසල ප්‍රමාණයක් දෛනිකව එකතු වේ. විශේෂයෙන් වඳවී යන සත්ව ප්‍රජාවක් සංරක්ෂණය වන මෙම විතැන් පරිසරය තුළ ප්ලාස්ටික් පොලිතින් බැහැර කිරීම අලි ඇතුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇති අතර මෙමඟින් මෙම අලි අනාථාගාරය ආරක්ෂා කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

මේ සඳහා මූලික අඩිතාලමක් ලෙස ඉදිරියේ දී අධ්‍යාපන චාරිකා සඳහා පැමිණෙන පාසල් ළමුන් සඳහා කසල කළමණාකරණය පිළිබඳ විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්වීමට යෝජනා වී ඇති අතර තවදුරටත් ආයතන පරිශ්‍රයේ පවත්නා සැමරුම්හල් හා අලෙවිසැල් තුළ පොලිතින් හා ප්ලාස්ටික් වෙනුවට විකල්ප නිෂ්පාදන එනම් කඩදාසි බෑග්, කඩදාසි කප් ආදිය අලෙවි කිරීමට ද කටයුතු සැළසුම් කරමින් පවතී.

මේ මහගු ජාතික කාර්යය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා ඔබගේ අදහස් යෝජනාවලට වටිනාකම් ලබා ගැනීමට පහත ඊ-මේල් ලිපිනය හරහා අප හා සම්බන්ධ විය හැක.

මේ සමගම ඉදිරියේ දී පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන ඔබ මෙම කසල කළමණාකරණ පිළිබද දැනුවත් බවින් යුතුව කටයුතු කරනු ඇතැයි ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු.

විද්‍යුත් ලිපිනය – elephantpinnawala@gmail.com


Pinnawala Elephant Orphanage on its way to an eco-friendly tourist destination.

The Pinnawala Elephant Orphanage, which belongs to the Department of National Zoological Gardens, is currently undergoing a number of plans with the aim of making it an eco-friendly tourist destination free of plastic and polythene. In particular, from January 01st, 2021, our main objective is to make the Pinnawala Elephant Orphanage a green tourist destination free of polythene and plastic.

Visitors those who visit the orphanage are discard a large amount of Polythene and plastic waste daily. This causes lot of environmental problems in the premises.

 As a prelude to this, it is proposed to conduct a special awareness program on waste management for school children who are visiting on educational tours in the future and arrangements are being made to sell alternative products for  polythene and plastic such as paper bags, paper cups etc.

You too can join us with valuable ideas and suggestions for this great task and you can contact us through the following email address.

At the same time, we sincerely invite you to visit the Pinnawala Elephant Orphanage in the future by awarding   of this waste management practices.

Our email address – elephantpinnawala@gmail.com