Loader
සිංහල தமிழ் English

2018.04.10 වන දින පින්නවල අලි අනාථාරය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන එන ලද “සමන්” නැමති අලියාගේ සෞඛ්‍ය තත්ත්වය

2018.04.10 වන දින පින්නවල අලි අනාථාරය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන එන ලද සමන් නැමති අලියාගේ සෞඛ්‍ය තත්ත්වය

  • 1979 වසරේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තිස්සමහාරාම විහාරස්ථානය රැකබලා ගැනීමේ පදනම මත ප්‍රදානය කර ඇති “සමන්” නැමති අලියාගේ (වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 199) පාද වල හටගෙන ඇති රෝගි තත්ත්වය හේතු කොටගෙන වැඩි දුර ප්‍රතිකාර කටයුතු සඳහා 2018/04/10 දින පින්නවල අලි අනාථාගාරය වෙත නැවත රැගෙන ඒමට සිදු වී ඇත.

 

  • පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබමින් සිටින මෙම සමන් නැමති අලියා නැවතත් රෝගී තත්වයෙන් පසුවන අතර ආධාරක මත රදවා සිටින අලියාගේ උදරය ආශ්‍රිත ඉදිමුම සුවපත් වීමත් සමග දකුණු වැළමිට හන්ධියට ඉහළින් හා උරපත ආශ්‍රිතව සැලකිය යුතු ඉදිමුමක් නැවතත් හටගෙන ඇත.

 

  • එමෙන්ම හොඩවැළ හා මුඛය ආශ්‍රිත තුවාල ( Ulcers) හේතුවෙන් කෑම අරුචියෙන් පසු වන මෙම හස්තියා මෙම දිනවල පළතුරු පමණක් ආහාරයට ගනිමින් සිටින අතර අලියාගේ දකුණු කකුළේ වළලුකර සන්ධියේ විශාල ඉදිමුමක් ඇතිවී සැරව ගෙඩියක් බවට පත්ව පසුව එම ගෙඩිය පුපුරා සැරව වහනය වී ඇත.

 

  • සමන් නැමති මෙම අලියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතිරෝධය අඩු වී රෝග කාරක වර්ග  කිහිපයකම ආසාදනයට(Multiple infection) ලක්ව ඇති බවට සැක කරන අතර ඒ සඳහා ද ප්‍රතිකාර සිදුකරමින් පවතී.

 

  • කෙසේ වෙතත් සමන් අලියාගේ සෙෳඛ්‍ය තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට පශුවෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය නොමද උත්සාහයක යෙදී සිටි.

123