Loader
සිංහල தமிழ் English

“දිවි අරණ” පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ප්‍රදර්ශන මධ්‍යස්ථානයයි. අක්කර දෙකක  වපසරියකින් සමන්විත මෙම අරණ දිවියන්ට ස්වභාවික හැසිරීම් රටවන් පවත්වාගැනීමට තරම් රිසි වූ වාස භූමියකි. ලංකාව බහුල වශයෙන් අර්ධ ඝන වනාන්තර වලින් සමන්විත වන බැවින් යාල සහ විල්පත්තු වනයෙන් හි නිරන්තරයෙන් දිවියන් හඳුනාගත හැකි ය. මේ නිසාම“ දිවි අරණේ” නැරඹුම් වේදිකා “යාල” සහ “විල්පත්තු” වශයෙන් නම් කර ඇත.

ලංකාවේ දිවියා යනු ලංකාවට අවේණිකව වූ උපවිශේෂයකි. මොවුන් IUCN ආයතන මඟින් තර්ජනයට ලක්ව ඇති ජීවීන් විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ගහනය අඩුවීම සඳහා දිවි මිනිස් ගැටුමට අමතරව දිවියන්ගේ සම සහ දත් විවිධ වාණිජ අරමුණ හා මිත්‍යා විශ්වාසයන්ට නතුවෙමින් දඩයම් කරුවන්ගේ ගොදුරුවීමත් වනගහනය අඩුවීමත් යන කරුණු මත තීරණය වී ඇත. ලංකාවේ දිවියන් සංඛ්‍යාවෙන් 250 පමණ වන අතර සම දුඹුරු පැහැති කහ පැහැයට හුරුය. ඒ මත කළු පුල්ලි රටාවකින් සමන්විතය. නළල පුල්ලි පළදනාවක හැඩය ගනී. මෙය ඉන්දියානු දිවියාට සමාන බවක් දක්වයි. ශ්‍රී ලංකා දිවියා ප්‍රබල විලෝපිකයෙකුවේ. බළලුන්සේ දිවියාද උගේ ආහාරය සොයාගැනීමේදී කුඩා ක්රෂිපායින්, කුරුල්ලන්, උරගයින්‍ මෙන්ම ගෝනුන් හා මුවන් වැනි විශාල සතුන්ද දඩයම් කරගනියි. වියලි කළාපයේ දිවියන්ගේ බහුලතම ආහාරය වනුයේ ගෝන මුවන්ය.

පින්නවල සත්වෝද්‍යානයේ “දිවි අරණ” දිවියන් හය දෙනෙකුට වාසභූමිය සපයන අතර ඉන් හතර දෙනෙකුම පිරිමි සතුන්වේ. “රාජු”, “වීරා”, “ලොකූ”, සහ “පණ්ඩු”, පුරුෂාධි පත්‍යය පවත්වන අතර “කැලෑකෙල්ල”, හා “නාමලී” යන දිවි ධේනුවන් සිය ආධිපත්‍යයෙන් “දිවි අරණ”ම රාජධානියක් කොටගෙන ඇත.