Loader
සිංහල தமிழ் English

සජීවී පංතිකාමරය

සජීවී පංතිකාමරය යනු ස්වභාව ධර්මය විසින් නිමවන ලද අපූර්ව තොරතුරු පිළිබඳව හැදෑරීමට අවස්ථාවක් සලසා දෙන තෝතැන්නකි.
විවිධාකාරයෙන් සතුන් හැසිරෙන්නේ කෙසේද ? පරිසර පද්ධතියක් තුළ ජෛව විවිධත්වය කවරාකාර භූමිකාවක් උසුලයිද?. සත්ව පැටවුන් පිළිබඳ සොයා බලනුයේ/ නිරීක්ෂණය කරනුයේ කෙසේද?
ස්වභාව ධර්මය නිරීක්ෂණය උදෙසා වූ ගමන් පථයක් මඟින් විවිධාකාරයේ කණ්ඩායම් වලට විවිධවූ අත්දැකීම් ලබාදෙයි. සාමාන්ය් නරඹන්නාගේ සිට පාසල් සිසුන් හා විශ්වවිද්යා ල විද්යාිර්ථයින්ට මෙන්ම සත්ව ක්රි යාකාරකම් පිළිබඳව පැහැදිලි අන්තර් ක්රිියාකාරී අත්දැකීමක් ලබාගැනීමට උනන්දුවක් දක්වන විදුහල්පතිවරු හා ගුරු මණ්ඩලයන්ට ද මනා රුකුලක් ලබාදෙයි.
අපගේ පින්නවල සත්වෝද්යාමනයේ හා ලෝක ප්ර්සිද්ධ පින්නවල අලි අනාථාගාරයේ පිහිටා ඇති සිත්ගන්නා සුළු අපූර්ව වටපිටාවක් තුළ දී සිදුකිරීමට නියමිත අපගේ ඉගැනුම් හා ක්රිේයාකාරකම් පද්ධතිය තුළින් සිසුන් තුළ වනසතුන් හා අප අවට වූ ස්වභාවික පරිසරය පිළිබඳ තොරුතුරු දැනගැනීමට මනා උද්යෝගයක් ඇති කරනු නො අනුමානය.
ස්වභාව ධර්මය තුළ වූ වෙනස්වීම් හා එහි අපූර්වත්වය එකෙණෙහිම සාක්ෂි සමඟින් සිසුන්හට අත්දැකීමට හැකියාවක් මේ මඟින් උදාවී ඇත. අපගේ අධ්යාුපන කණ්ඩායම විසින් මෙහෙයවනු දෛනික හා පෙරවරු කාලයේ යොදාගන්නා විශේෂ එක්වරු වැඩමුළු හා සංචාර මඟින් නරඹන ඔබ සැමගේ උද්යෝගය තවත් වැඩිකිරීමටත් සිත හා කය මෙහෙයවමින් මනා දැනුම් සම්භාරයක් එක් කර ගැනීමටත් මේ මඟින් ඉඩ සලසා ඇත.