Loader
සිංහල தமிழ் English

ලොකූ

වර්ෂ 1998 දී දෙහිවල ජාතික සත්වෝද්යාගනයේ උපත ලද “ලොකූ” පින්නවල සත්වෝද්යාපනයේ වාසය කරන ජ්යේෂ්ඨතම දිවියා ය. සත්වෝද්යා න ජීවිතය පිළිබඳව අත්දැකීම් සමුදායක් සිය ජීවිතයට එක් කරගත් “ලොකූ” නව තුරුණු වියේ පසුවන දිවියන් මෙන් කඩිසර ලීලාවක් නොපෙන්නුවද සිය සහකාරිය වූ “මීනා” කෙරෙහි අසීමිත ප්රේනමයකින් බැඳීසිටියේ සත්වෝද්යානනය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආදරයට හා කරුණාවට පාත්රප වෙමිනි. “මීනා”ගේ වියෝවෙන් පසු හුදකලා දිවියකට ඇලුම්කල “ලොකූ” ඉදහිට “භූමි” ගේ (කැලෑ කෙල්ල) ආදරයට පාත්ර් වෙමින් සිය කාන්සිය මකාගැනීමට වෙහෙස දරයි. කම්මුල සහ ගෙල වටා වැටී ඇති මාලයේ පුල්ලි රටාවෙන් අනිකුත් දිවියන් අතුරින් “ලොකූ” පහසුවෙන් හඳුනාගත හැකි බැවින් පින්නවල සත්වෝද්යා්නය නරඹන්නට පැමිණෙන සංචාරකයින්ට දිවි අරණේ යාල අංගනය ආසන්නයේ පහළ කොටසේ සැරිසරණ “ලොකූ” නිරන්තරයෙන් දැකගැනීමේ අවස්ථාව උදාවී ඇත.

මීනා

Meena is a female leopard and is mother to Raju who is also living in the Pinnawala Zoo. She was brought from Dehiwala to here with ‘Raju’. She likes to have close contact still with her son. She is afraid of other female leopards. She was died on 21st January 2016.

රාජු

2001 වර්ෂයේදී දෙහිවල සත්වෝද්යාගනයේ උපත ලද “රාජු”  දිවියෙකු සතු දේහධාරී විමර්ශන හැසිරීම් රටාව හේතුවෙන් පින්නවල සත්වෝද්යාවනයේ වාසය කරන අනෙකුත් දිවියන් අතරින් මහේශාක්යක ලීලාවක් විදහා පායි. සත්වභාරකරුවන්ට දැඩි ලෙන්ගතුකමක් දක්වන “රාජු”  ඔවුන්ගේ සුරතලයට නිරන්තරයෙන් පාත්රි වුවත්, දිවි අරණේ යාල අංගනයේ උඩකොටසේ “භූමි” (කැලෑ කෙල්ල) සමඟ වාසය කිරීමට “රාජු”බෙහෙවින් කැමැත්තක් දක්වයි. “ලොකූ”  ගේ ආදරයෙන් මිදෙන “භූමි” වඩාත් ප්රි යකරන්නේ “රාජු”  සමඟ දිනය ගත කිරීමටය. ඔවුන්ගේ අනංග රංගනයන් පෙරවරු කාලයේ වඩාත් දර්ශනීය ලෙස යාල අංගනයේ දී දැකගැනීමට අවස්ථාවක් පින්නවල සත්වෝද්යා නය නැරඹීට පැමිණෙන සංචාරකයන් වෙත උදාවී ඇත.

වීරා

“නාමලී”ගේ (මැණිකා) ආදරයට පාත්‍ර වූ “වීරා” 2000 වර්ෂයේදී දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලබා ඇති අතර හසරැස් පුල්ලි රටාවකින් යුතු නළලින් ද නිකට හා ගෙලවටා ඇති පුල්ලි රටාව නිසා ද අනෙකුත් දිවියන් අතුරින් පහසුවෙන් හඳුනාගත හැකිය. විල්පත්තු අංගනය ආශ්‍රිතව සිය රාජධානිය ගොඩනගාගෙන සිටින “වීරා”  වෙනත් ගැහැණු සතුන් කෙරෙහි කිසිදු තැකීමක් නොදක්වන අතර  “නාමලී”පමණක් සිය සහකාරිය වශයෙන් තෝරාගැනීම හේතුවෙන් මේ වන විට පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රථම දරු උපතේ පියාලෙස “වීරා”ට දාව පැටවෙකු බිහිකිරීමට “නාමලී” සමත්ව ඇත. සත්වෝද්‍යාන ඉතිහාසයට සිය නම නොමැකෙන ලෙස ලියාගත් “වීරා” සහ “නාමලී”ගේ ආදර බැඳීම හා දරු සෙනෙහස පින්නවල සත්වෝද්‍යානය නරඹන්නන්ගේ අමන්දානන්දයට පත්ව ඇත.

භූමි (කැලේ කෙල්ල)

දඩයම්කරුවන් විසින් අටවන ලද උගුලකට හසුව සිටියදී අනුරාධපුර වනජීවී කාර්යාලය මඟින් මුදවාගන්නා ලද “භූමි” (කැලෑ කෙල්ල) 2011 වර්ෂයේදී උපත ලබන්නට ඇතැයි අනුමාන කරයි. තරුණ දිවි ධේනුවක් සේ සිය පෞරුෂය ගොඩනගාගත් “භූමි”ගේ හැසිරීම් රටාව මදක් දරුණු ස්වරූපයක් උසුලයි. ඝන වනාන්තරයේ වාසය කරන හැසිරීම් රටාවක් විදහා දක්වන ඇය සත්වෝද්‍යාන සේවකයින් අතර “කැළෑකෙල්ල” යන විරුධාවලියෙන් පිදුම් ලබමින් දිවියන් අතුරින් වඩාත් විචිත්‍රවත් ලෝම වැස්මකට හිමකම් කියන්නීය. “රාජු” වෙනුවෙන් සිය ආදරය කැපකර ඇති “භූමි” ඉදහිට “ලොකුගේ” තනිකම හා කාන්සිය මැකීමට ද අමතක නොකරන්නීය. ශරීර වර්ණයත් අහංකාර හැසිරීම් රටාවත් නිසා කාගෙත් සුන්දරිය ලෙස ආදරය දිනාගත් අහංකාර “භූමි” ගේ හැසිරීම් රටාව යාල අංගනය ආශ්‍රිතව නිරන්තරයෙන් දැකගැනීමට හැකිවීම නරඹන්නන්හට නව්‍ය වූ අත්දැකීමක් එක් කිරීමට සමත්ව ඇත.

නාමලී (මැණිකා)

නාවලපිටිය ප්‍රදේශයම එකම භීතියෙන් තැතිගන්වමින් සැරිසැරූ වන දිවි ධේනුවක් වූ “නාමලී‍” ගැබිණි මවක් ගොදුර ලෙස තෝරාගැනීම හේතුවෙන් සිය ජීවිත ආරක්ෂාව සඳහා පින්නවල සත්වෝද්‍යානයට පැමිණියාය. ප්‍රදේශවාසීන්ට මරණීය භීතියක් ඇතිකිරීම නිසා එක් ඇසක් අහිමි කරගත් ඇයගේ ප්‍රචණ්ඩත්වය අදට ද විදහාදක්වන්නේ “දිවි අරණම” ඒකානන්දයෙන් අලලමිණී. හඩ පෞරුෂයත්,  ගෙලෙහි පුල්ලි මාල දෙකකටත් හිමිකම් කියන “නාමලී” හඳුනාගැනීම ඉතා පහසුය. සිය ආදරය එක් සහකරුවෙකු වෙත පමණක් පුදකළ ඇයගේ ආදරය ලද එකම පිරිමියා වන්නේ “වීරා”ය. “විල්පත්තු අංගනය” ආශ්‍රිතව කාලය ගෙවීමට දැඩි ඇලුම්කමක් දක්වන “නාමලී” මේ වන විට දිවි අරණේ එකම අම්මා ලෙස “වීරා”ට දාව දරු ප්‍රසූතියක් දායද කළ තුරුණු වියේ පසුවන දඟකාර මවක්ය. පින්නවල සත්වෝද්‍යානයට මැණිකක් වූ ඇය නාවලපිටිය ප්‍රදේශයෙන් සොයාගත් බැවින් “නාමලී” යන සුරතල් නාමයෙන් සත්වෝද්‍යාන සේවකයන්ගේ ආදරය දිනාගත්තාය.

පණ්ඩු

මාපියන් නොමැතිව අසරණ පැටියෙක් ලෙස තනිව සිටි දින දාහතරක් වයසැති පුංචි දිවි පැටවෙකුට අනුරාධපුර වනජීවී කාර්යාලය 2014 ඔක්තෝබර් මස 27 දින පිළිසරණ වූයේ වනජීවී නිළධාරීන්ගේ සෙවනේ ආදරය ලබමින් ය. කෙමෙන් පැටවා ලොකු වෙත්ම දිවියෙකු සතු ලක්ෂණ විදහා දක්වමින් කුඩා දරුවන් හා ස්ත්‍රීන් වෙත කඩා පැනීමට තරම් හැසිරීම් ප්‍රචණ්ඩ කරගත් බැවින් 2015 ජූලි මස 27 වන දින පින්නවල සෙනෙහසේ නවාතැන කර ගැනීමට සිදුවූයේ නැවත වනයට ගියේ නම් උගේ ජීවිතය ගැන විශ්වාසයක් තැබීමට නොහැකි නිසාය. අනුරාධපුර “පණ්ඩුල” ග‍මෙන් සොයාගත් බැවින් “පණ්ඩු” යන නාමය හිමිකරගත් මේ කුඩා පැටවා සත්වෝද්‍යානයේ සත්වභාරකරු තුෂාරගේ සෙනෙහස දිනාගැනීටම සමත් විය. තුෂාරගේ ආදරය නිසා  සිය  ප්‍රචණඩත්වය වෙනුවට හුරතලය ද දඟකාරකමද පෙන්නුම් කළ “පණ්ඩු” වෙනත් දිවියන් ජලය නෑමට අකැමැත්තක් දැක්වුවද තුෂාර හා “පණ්ඩු” ජලක්‍රීඩා කිරීමට ප්‍රියකරන්නේ සහෝදර විලාසෙනි. ස්නානය කරන වේලාව පැමිණිවිට වතුර නළය අසට පැමිණෙන “පණ්ඩු” ජලස්නානය කරන අකාරය කාගෙත් දෙනෙතට කඳුලක් එක් කිරීමට තරම් සෙනෙහසෙන් ඇලලී යන්නේය.