දෙහිවල සත්වෝද්‍යානය

දෙහිවල සත්වෝද්‍යානයට සාදරයෙන් පිළිගනිමු

1936 සිට - ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණයේ ජීවමාන උරුමය

ජීවමාන උරුමයක්: දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ හදවත බඳු ඉතා සුවිශේෂ ස්ථානයක පිහිටා ඇති දෙහිවල සත්වෝද්‍යානය, ශ්‍රී ලංකාවේ පැරණිතම සත්වෝද්‍යානය ලෙස පිළිගැනෙනා අතර, ලොව පුරා වෙසෙන වන සතුන් සමීපව සැක බලා ගැනීමටත් ඔවුන්ගේ හැසිරීම් සමීපව අධ්‍යයනය කිරීමටත් නරඔන්නන් වෙත ඉතා වටිනා අවස්ථාවක් ලබා දෙනු ලබයි. සත්ව සුබ සාධනය, සංරක්ෂණය සහ මහජන අධ්‍යාපනය සිය මූලික අරමුණු කරගත් දෙහිවල සත්වෝද්‍යානය, බාහිර සංරක්ෂණය සහ පාරිසරික දැනුවත්භාවය සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රශංසනීය සේවයක් ඉටු කරයි.

ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින්, උභයජීවීන් සහ ජලජ විශේෂ රැසකට නිවහන වන දෙහිවල සත්වෝද්‍යානය, විවිධ සත්ව වාසස්ථාන හරහා ආකර්ෂණීය සංචාරක අවස්ථාවක් සලසා දී ඇත. සත්වෝද්‍යානය විශේෂයෙන් එහි සංරක්ෂණ අභිජනන වැඩසටහන්, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහ සමීප ඉගෙනුම් අත්දැකීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, එමඟින් සියලු වයස්වල අමුත්තන්ට වනජීවීන් සහ ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

අද වන විට දෙහිවල සත්වෝද්‍යානය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සංචාරක සංධිස්ථානයක් ලෙස පවතින අතර, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ සංරක්ෂණය ඒකාබද්ධ කරන අතර, සෑම වසරකම දහස් ගණනක් දේශීය හා ජාත්‍යන්තර අමුත්තන් පිළිගන්නා සජීවී හා නරඹන්නන්ට හිතකර පරිසරයක් තුළ පිහිටා ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ අභිමානය

බන්දුල පෙතියා
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බන්දුල පෙතියා ( Pethiya Bandula ) යනු ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මිරිදිය මත්ස්‍ය විශේෂයකි. මොවුන් සබරගමුව පළාතේ ගලපිටමඩ ප්‍රදේශයේ නික්කඳු පොළ ඇළේ පමණක් දක්නට ලැබෙන අතර එය රටේ භූගෝලීය වශයෙන් සීමා සහිත මත්ස්‍ය විශේෂයක් බවට හඳුනාගෙන ඇත. මෙම අතිශය සීමිත ස්වාභාවික වාසස්ථානය හේතුවෙන්, ලොව පුරා සත්ත්වවේදීන්ගේ අවධානය දිනා ගැනීමට මෙම මත්ස්‍යයා සමත් වී ඇත.

මෙම සුවිශේෂිත මත්ස්‍යයා ගේ පැවැත්ම සහතික කිරීම සඳහා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විශේෂිත බාහිර සංරක්ෂණ සහ අභිජනන වැඩසටහන් පවත්වනු ලබන අතර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම මත්ස්‍ය විශේෂයේ පෝෂණ රටා, අභිජනන හැසිරීම් සහ ජනගහන කළමනාකරණය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ හරහා සංරක්ෂණ ප්‍රයත්නයන් සාර්ථකව පුළුල් කර ඇත.

ක්ෂීරපායී සතුන්

මුළු සතුන් සංඛ්‍යාව
0 +
සත්ත්ව විශේෂ
0 +

පක්ෂීන්

මුළු සතුන් සංඛ්‍යාව
0 +
සත්ත්ව විශේෂ
0 +

උරග සතුන්

මුළු සතුන් සංඛ්‍යාව
0 +
සත්ත්ව විශේෂ
0 +

මාළු හා මුහුදු ජීවීන්

මුළු සතුන් සංඛ්‍යාව
0 +
සත්ත්ව විශේෂ
0 +

ටිකට් මිල ගණන්

Local Children (Under 12)Rs. 118.00
Local Adults (Over 12)Rs. 295.00
School Children (Group of 20+)Rs. 59.00
Foreign ChildrenUSD 8.85
Foreign AdultsUSD 17.70
Foreign Children (SAARC)USD 5.90
Foreign Adults (SAARC)USD 11.80
විශේෂ අලි මිතුරු හමුවීම

විශේෂ අලි මිතුරු හමුවීම – පෙ.ව. 10.00
රු. 7,080/-

සත්වෝද්‍යානය තුළ දී ඔබ විසින් අනුගමනය කළ යුතු කරුණු

සුරතල් සතුන් / සංගීත භාණ්ඩ

සත්වෝද්‍යාන පරිශ්‍රයට කිසිදු ආකාරයක සුරතල් සතෙකු රැගෙන නොයන්න. ශබ්දය ඇති කරන කිසිදු උපකරණයක් (බෙර, සංකේත, විසිල්, JBL ආදිය) පරිශ්‍රයට ගෙන ඒමට අවසර නැත.

ප්ලාස්ටික් සහ පොලිතීන්

සත්වෝද්‍යානය ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර කලාපයක් බවට පත් කිරීමට ලබ ලබා දෙන සහයෝගය අපි අගය කරන් අතර. කරුණාකර ඔබේ කසළ නිසි බඳුන්වලට දමන්න.

දුම්පානය / මත්පැන්

සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ දුම්පානය, මධ්‍යසාර පාන වර්ග සහ ඕනෑම ආකාරයක මත්ද්‍රව්‍ය තහනම්ය.

පළමුව ආරක්ෂාව

සත්වෝද්‍යාන සතුන් සමඟ අනවසර සම්බන්ධතා පැවැත්වීමෙන් තුවාල සිදුවිය හැකිය. අනවසර ප්‍රදේශවලට සහ ඉදිකිරීම් ස්ථානවලට ඇතුළු නොවන්න. බාධක හෝ බිත්ති මතට නැගීම තහනම්ය.

සත්ව හිංසන සහ දඩ

අමුත්තෙකු සතෙකුට හිරිහැර කරන බව අනාවරණය වුවහොත්, ඔවුන් සත්වෝද්‍යානයෙන් නෙරපා හැරීමට හෝ සිද්ධියේ බරපතලකම අනුව දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

ඔබේ දේපළවල ආරක්ෂාව

ඔබේ බඩු බාහිරාදිය සැමවිටම ඔබේ භාරයේ තබා ගන්න. කරුණාකර ඒවා කිසිදු ආරක්ෂාවක් නොමැතිව පොදු ස්ථානවල තබා නොයන්න. ජනාකීර්ණ මාර්ග ඔස්සේ ගමන් කරන විට ඔබේ මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා භාණ්ඩ ආරක්ෂිතව තබා ගන්න. නැතිවූ භාණ්ඩ සඳහා සත්වෝද්‍යානය වගකිව යුතු නොවේ.

වංචාකරුවන් / අනවසර මාර්ගෝපදේශ

ඔබට නිල වශයෙන් මාර්ගෝපදේශක සේවාවක් ලබා දී නොමැති නම්, කිසිවෙකුට මුදල් ලබා නොදෙන්න. එවැනි තත්වයක් තුළ ඇතිවන ඕනෑම විපත්තියකදී සත්වෝද්‍යානය කිසිදු වගකීමක් භාර නොගනී.

සත්ව අන්තර්ක්‍රියා වැඩසටහන

අප විසින් සංවිධානය කර ඇති සතුන් සමඟ සිදු කරන වැඩසටහන සමඟ ඔබට සතුන්ට ආහාර සැපයිය හැකිය. වෙනත් කිසිදු ආහාර සැපයීමකට අවසර නැත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

අපව සොයා ගන්න

කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex (Pvt) Ltd විසිනි.