අපගේ සත්වෝද්‍යාන අත්දැකීම විඳින්න.

දේශීය හා විදේශීය සුවිශේෂී වනජීවී උරුමයන් සමීපයෙන් අත්විඳින්න. විතැන් සංරක්ෂණය, සත්ව සුබසාධනය, පර්යේෂණ සහ පාරිසරික අධ්‍යාපනය එකට එක්වන දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණ අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න.

දිනපතා පෙ.ව 8:30 සිට ප.ව 6:00 දක්වා විවෘතයි

ඔබේ සත්වෝද්‍යාන චාරිකාව අදම වෙන්කරවා ගන්න!

ඔබේ සත්වෝද්‍යාන චාරිකාව අදම වෙන්කරවා ගන්න!

වාර්ෂික පැමිණීම්
0.2 M+
සත්ත්ව විශේෂ
0 +
ප්‍රජනන හා සංරක්ෂණ වැඩසටහන්
0 +
ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්
0 +

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සොබාදහම සහ වනජීවී විවිධත්වයේ අභිමානවත් මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ සත්ත්ව සංරක්ෂණය, සත්ව සුබසාධනය සහ මහජන අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ ප්‍රමුඛතම ආයතනය වන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල විවෘත සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන අපගේ ප්‍රධාන ආයතන හතර හරහා දේශීය හා විදේශීය සත්ව විශේෂ දහස් ගණනකට ආරක්ෂිත සහ ස්වභාවික පරිසරයක් සැපයීමට අප කටයුතු කරන්නෙමු. සත්ව අභිජනන වැඩසටහන්, සත්ව සංරක්ෂණ ක්‍රියාමාර්ග සහ ස්වභාවික වාසස්ථාන ආකාරයට නිර්මාණය කරන ලද පරිසරයන් මගින්, සොබාදහම සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරවන අධ්‍යාපනික හා අමතක නොවන අත්දැකීමක් ඔබ වෙත ලබාදීම අපගේ අරමුණයි.

සත්ත්ව විවිධත්වය

ශ්‍රී ලංකාවේ සාරවත් වනජීවී උරුමය මැනවින් විදහා දක්වමින්, ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින් සහ උභයජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ 1,500 කට අධික සංඛ්‍යාවකට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවාසය සපයයි.

සත්ත්ව සංරක්ෂණ වැඩසටහන්

අපගේ සංරක්ෂණ මුලපිරීම් මඟින් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම, සත්ත්ව අභිජනන වැඩසටහන් ශක්තිමත් කිරීම සහ දිවයින පුරා පවතින ස්වාභාවික වාසස්ථාන පුනරුත්ථාපනය කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරනු ලබයි.

අධ්‍යයන සහ පර්යේෂණ

සත්ත්ව සංරක්ෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, සිසුන්, පර්යේෂකයන් මෙන්ම සාමාන්‍ය නරඹන්නන් සඳහා ද පුළුල් අධ්‍යයන අවස්ථා රැසක් සලසා දෙයි.

icon_play_home_3

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ප්‍රයත්නයන්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වන සත්ත්ව සංරක්ෂණ, සුභසාධන සහ ජෛව විවිධත්ව ආරක්ෂණය ක්‍රියාවලීන් ගැන දැනගන්න.

මේවා මඟහැර ගන්න එපා!

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන නව සත්ත්ව සංරක්ෂණ වැඩසටහන්, සත්ත්ව කළමනාකරණ වැඩසටහන්, බාහිර අධ්‍යාපනික සේවා සහ මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳ සියලු තොරතුරු මේ ඔස්සේ ලබා ගන්න.

11 මාර්තු 2026
School

පාසල් ළමා චිත්‍ර තරගය – 2026

මාර්තු 11, 2026 @ 00:00 - 09:00
Ridiyagama Safari Park
04 පෙබ. 2026
Independance

78 වැනි ජාතික නිදහස් දිනය

පෙබරවාරි 4, 2026 @ 08:00 - 10:00
Department of National Zoological Gardens - Sri Lanka.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

අපව සොයා ගන්න

කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex (Pvt) Ltd විසිනි.