පින්නවල අලි අනාථාගාරය
පින්නවල අලි අනාථාගාරය ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන අතර ආසියානු අලි ඇතුන් රැකබලා ගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. අතරමං වූ අලි පැටවුන්, තුවාල ලැබූ සහ අතහැර දැමූ අලි ඇතුන් බේරා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවන ලද මෙම අලි අනාථාගාරය, අලි සංරක්ෂණය සහ සත්ව සුභසාධනය සඳහා මෙන්ම සංරක්ෂිත අලි ඇතුන් ගහනයක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීමේ සංකේතයක් බවට පත්ව ඇත.
පින්නවලට අලි අනාථාගාරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙත අලි ඇතුන් සමීපව නිරීක්ෂණය කිරීමේ අද්විතීය අවස්ථාව ලැබෙන අතර, අසල ඇති මා ඔය දිගේ ඔවුන්ගේ දෛනික චර්යාවන් නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව ලැබේ. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි සංරක්ෂණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින්, සංරක්ෂිත ගහණයක් පවත්වාගෙන යනු ලබන පින්නවල අලි අනාථාගාරය එහි සාර්ථක අභිජනන වැඩසටහන් සඳහා ගෝලීය පිළිගැනීමක් ද ලබා ඇත.