


ලෝකයේ විශිෂ්ටතම සත්වෝද්‍යාන පවත්වා ගෙන යනු ලබන ආයතනයක් බවට පත්වීම
නවීන සත්වෝද්‍යාන සංකල්ප යටතේ, ආකර්ෂණීය ශිල්පීය ක්‍රම සහ ප්‍රවීණතාවයන් උපයෝගී කර ගනිමින්, පිළිගත් නීති රීති වලට අනුකූලව උපරිම රැකවරණය යටතේ නිවහන සපයමින්, විවිධත්වයෙන් යුතු සෞඛ්‍ය සම්පන්න සත්ත්ව එකතුවක් ප්‍රදර්ශනය කිරීම.

"ශ්‍රී ලංකාවේ වන සතුන් විතැන් සංරක්ෂණය, සත්ව සුබසාධනය සහ ජෛව විවිධත්ව ආරක්ෂාව වෙනුවෙන් කැපවූ ප්‍රමුඛතම ආයතනය ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සිය කටයුතු අඛණ්ඩව හා විශ්වාසනීය ලෙස සිදු කරමින් පවතී.
සතුන් පිළිබඳ අධ්‍යාපනික, පර්යේෂණ හා සංරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කරමින්, අනාගත පරපුර සඳහා ද මෙම සතුන් රැක බලා ගනිමින්, සුරක්ෂීතව පවත්වා ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි.
එමෙන්ම, සත්වෝද්‍යාන අත්දැකීම තුළින් ජනතාවට විනෝදාස්වාදය, විවේකය හා මානසික සුවය ලබාදීමට, එමෙන් ම කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සතුන් පිළිබඳ ඇති සහකම්පනය වැඩි දියුණු කිරීමටත් ඒ තුළින් සතුන් ආරක්ෂා කර ගැනීමේ සමාජ පෙළඹවීමක් ඇති කිරීමටත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු සිදු කරයි.
මෙම සියලු අරමුණු ඉටු කරගනිමින් නවීන ප්‍රමිතීන්ට අනුකූලව දකුණු ආසියාවේ විශිෂ්ටතම සත්වෝද්‍යාන සමූහය බවට පත්වීමේ අපගේ දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීම අප සියලු දෙනාගේ අභිප්‍රාය යි ."
