ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. ආරක්ෂක නියාමක (පිරිමි)/උද්‍යාන සහයක/ගබඩාකරු/රිය සහයක/ක්ෂේත්‍ර සහයක යන තනතුරු සඳහා
    (III ශ්‍රේණිය) (PL-01)

අවශ්‍ය සුදුසුකම් – අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (02) සහිතව විෂයයන් හයක් (06) සමත් වී තිබීම.
සහ
වෘත්තීය සුදුසුකම් –
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්, (ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ දී ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලබා ඇති වෘත්තීය සුදුසුකම් අමතර සුදුසුකමක් සේ සැලකේ.)

වයස – වයස අවු: 18ට නොඅඩු හා අවු 45ට නොවැඩි විය යුතු ය.

වෙනත් –
(i) ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
(ii) විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතු ය.
(iii) සෑම අපේක්ෂකයෙකුම දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතු ය.

වැටුප – වැටුප් පරිමාණය – III, II, හා I වන ශ්‍රේණිවලට අදාළ මාසික වැටුප් පරිමාණය –
40,000-10×450-10×490-10×540-12×590- රු. 61,880/-
(2027.01.01 සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව වැටුප් ගෙවනු ලැබේ. එතෙක් මෙම චක්‍රලේඛයෙහි උපලේඛන III අනුව නියමිත වැටුප ගණනය කරනු ලැබේ.)

බඳවා ගන්නා ක්‍රමය – ව්‍යුහගත පරීක්ෂණයක් මඟින්

  1. i. රසායනාගාර සහකාර/ට්‍රැක්ටර් ක්‍රියාකරු/යන්ත්‍ර ක්‍රියාකරු (බැකෝ)/සත්ත්ව භාරකරු/ජීවි ආහාර එකතු කරන්නා/මත්ස්‍ය භාරකරු/කාර්මික/වඩු කාර්මික/පෙදරේරු/පින්තාරුකරු/දම්වැල් කියත් ක්‍රියාකරු/ජලනල කාර්මික/අරක්කැමි/හස්ති භාරකරු යන තනතුරු සඳහා (III ශ්‍රේණිය) (PL-02)

අවශ්‍ය සුදුසුකම් – අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී දෙවරකට නොවැඩි වාර ගණනක දී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (02) සහිතව විෂයයන් හයක් (06) සමත් වී තිබීම.
සහ
වෘත්තීය සුදුසුකම් –
අදාළ තනතුරට නියමිත පරිදි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතාවන් හි (NVQ) අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවයක් ලබා තිබීම.

වයස – වයස අවු: 18ට නොඅඩු හා අවු 45ට නොවැඩි විය යුතු ය.

වෙනත් –
(i) ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
(ii) විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතු ය.
(iii) සෑම අපේක්ෂකයෙකුම දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතු ය.

වැටුප – වැටුප් පරිමාණය – III, II, හා I වන ශ්‍රේණිවලට අදාළ මාසික වැටුප් පරිමාණය – රු. 41,800-10×490-10×540-10×590-12×630- රු. 65,560/-
(2027.01.01 සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව වැටුප් ගෙවනු ලැබේ. එතෙක් මෙම චක්‍රලේඛයෙහි උපලේඛන III අනුව නියමිත වැටුප ගණනය කරනු ලැබේ.)

බඳවා ගන්නා ක්‍රමය – ප්‍රායෝගික හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්

ii. හස්ති භාරකරු සඳහා
අධ්‍යාපන සුදුසුකම් – 8 ශ්‍රේණිය සමත්
වෘත්තීය සුදුසුකම් – ප්‍රායෝගික පරීක්ෂණයක් මඟින්

  1. තනතුරේ ස්වභාවය සහ රාජකාරි ව්‍යුහය (PL-01) හා (PL-02)

i. මෙම පත්වීම ස්ථිරය. විශ්‍රාම වැටුප් සහිතය, විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතු වේ.
ii. ඔබ වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු ය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු ය.
iii. පත්වීම භාර ගත් දින සිට වසර 03ක පරිවාස කාලයකට යටත් විය යුතු ය. බඳවා ගැනීම් පටිපාටියෙහි සඳහන් ආකාරයට නියමිත පරිදි කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් විය යුතු ය.
iv. 2020.10.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2020 හි සඳහන් විධිවිධාන අනුව නියමිත අනෙක් රාජ්‍ය භාෂාවේ/රාජ්‍ය භාෂාවල ප්‍රවීණතාව ලබා ගත යුතු ය.
v. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතිවලට ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලට ද, රජයේ වෙනත් රෙගුලාසි/චක්‍රලේඛයන්, උපදෙස්වලට ද, ඒවාට අදාළව වරින් වර නිකුත් කරනු ලබන සංශෝධනවලට ද යටත් විය යුතු වේ.

  1. අයදුම්පත් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

I. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
II. ජාතික හැඳුනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පිටපතක්
III. අධ්‍යාපන සහතිකවල සහතික කළ පිටපත් අ.පො.ස (සා.පෙළ)/ අ.පො.ස (උ.පෙළ)
IV. ග්‍රාම නිලධාරි සහතිකය (DS 04 ආකෘතිය)
V. ට්‍රැක්ටර් ක්‍රියාකරු/යන්ත්‍ර ක්‍රියාකරු (බැකෝ)/රිය සහයක යන තනතුරු සඳහා ඉල්ලුම් කරනු ලබන අයදුම්කරුවන් රියදුරු බලපත්‍රයක සහතික කළ පිටපතක් එවිය යුතු ය.

  1. මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන් අදාළ වෘත්තීය පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ. නිවේදනය අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් නිෂ්ප්‍රභා කරනු ලැබේ.
  2. සියලුම අයදුම්කරුවන් මෙම නිවේදනයේ සඳහන් පොදු නීති – රීති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත.
  3. සාවද්‍ය තොරතුරු සැපයීම

I. අයදුම්පත පිරවීමේ දී ඉතා සැලකිලිමත්ව නිරවද්‍ය තොරතුරු සැපයිය යුතු ය. මෙම සම්මුඛ පරීක්ෂණයට අදාළ රෙගුලාසි අනුව කිසියම් අපේක්ෂකයකු ඊට පෙනී සිටීමට නුසුදුසු වෙතැයි පෙනී යන ලද්දේ නම්, සම්මුඛ පරීක්ෂණයට පෙර හෝ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අතර හෝ ඊට පසු හෝ යන කවර අවස්ථාවක දී වුව ද ඔහුගේ /ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබිය හැකිය.
II. අපේක්ෂකයෙකු විසින් සපයන ලද තොරතුරු පසු කලක දී වැරදි බව පෙනී ගියහොත් හෝ ඔහු /ඇය විසින් හිතාමතාම කිසියම් කරුණක් වසන් කරන ලද බව හෙළිවුවහොත් හෝ ඔහු /ඇය තවදුරටත් පත්වීමක් ලබා දීම සම්බන්ධයෙන් සලකා බලනු නොලබන අතර මෙම විභාගය හේතු කොට ගෙන දී තිබූ පත්වීමක් අහෝසි කිරීමට හෝ රජයේ සේවයෙන් පහ කිරීමට වුව ද යටත් වේ.
III. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පහතින් දක්වා ඇති ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම්පත අදාළ සහතිකවල පිටපත් ද සමඟ බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි ඔබ විසින් අයදුම් කරන තනතුර සඳහන් කළ යුතු ය. “උදා – සත්ත්ව භාරකරු III ශ්‍රේණිය සඳහා අයදුම්පත” යනුවෙන් සඳහන් කර 2026.10.31 දින හෝ ඊට පෙර ලැබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අධ්‍යක්ෂ ජනරාල්,
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල

IV. ඔබ තනතුරු කිහිපයක් සඳහා අයදුම් කරන අවස්ථාවේ දී ඒ ඒ තනතුරු සඳහා වෙන වෙනම අයදුම්පත් එවිය යුතු ය.
V. අයදුම්පත ජාතික සත්වෝද්‍යානයේ නිල වෙබ් අඩවිය www.nationalzoo.gov.lk වෙතින් බා ගත කළ හැකිය. පුරප්පාඩු පවතින ස්ථාන වෙබ් අඩවියේ දක්වා ඇත.
VI. මෙම නිවේදනයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි පාඨ අතර, යම් අනනුකූලතාවයක් හෝ පරස්පරතාවයක් හෝ ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු වන්නේ ය.

  1. මෙම නිවේදනයේ සඳහන් නොවන කරුණක් සම්බන්ධයෙන් හෝ බඳවා ගැනීමේ ක්‍රියා මාර්ගය තුළ කිසියම් ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් හෝ ඒ පිළිබඳ පත්වීම් බලධරයා විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුවේ නියෝගය පරිදි

අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

අපව සොයා ගන්න

කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex (Pvt) Ltd විසිනි.