රිදියගම සෆාරි උද්‍යානයට දස වසරක්!

රිදියගම සෆාරි උද්‍යානයට දස වසරක්!

රිදියගම සෆාරි උද්‍යානයට දස වසරක්! 🐾🎉

ශ්‍රී ලංකාවේ ප්‍රථම විවෘත සෆාරි උද්‍යානය වන රිදියගම සෆාරි උද්‍යානය, සිය 10 වන සංවත්සරය 2026 මාර්තු 28 දින සාර්ථකව සමරනු ලැබීය. 2016 දී ආරම්භ වූ මෙම උද්‍යානය, දශකයක් පුරා දේශීය හා විදේශීය සංචාරකයින්ට ස්වභාවික පරිසරයක් තුළ සතුන් නිරීක්ෂණය කිරීමේ අද්විතීය අත්දැකීමක් ලබා දෙනු ලබන සොඳුරු සංචාරක නැවතුමකි.

අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙම උද්‍යානය, සතුන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සපයමින් සංචාරක ව්‍යාපාරය සහ සත්ව සංරක්ෂණය අතර සුවිශේෂී සම්බන්ධයක් ගොඩනඟා ඇත.🌿

සෆාරි උද්‍යානයේ දසවන සංවත්සරයට සමගාමීව නව විශේෂාංග දෙකක් සෆාරි උද්‍යානය නරඹන ඔබ වෙනුවෙන් අද දින එනම් 2026 අප්‍රේල් මස 06 දින විවෘතව කිරීම සිදු කරන ලදී.🌿

✨ දස වන සංවත්සරය සමඟ නව ආකර්ෂණ දෙකක්!
📍 නිදහස් පක්ෂි අරණ (Free Flight Aviary)
📍 ගෝනමුවා සංරක්ෂණ මධ්‍යස්ථානය

නව පක්ෂි අරණ තුළ, මැකෝ ගිරවුන්, කළු හංසයන්, සුදු මොනරුන් ඇතුළු විවිධ පක්ෂීන් නිදහසේ පියාසර කරන අයුරු ඔබට සමීපයෙන් දැකගත හැක.

දුර්ලභ ගෝනමුවා (Hog Deer) සංරක්ෂණ මධ්‍යස්ථානය, මෙම විශේෂය විශාල රංචුවක් ලෙස නැරඹිය හැකි ශ්‍රී ලංකාවේ එකම ස්ථානය බවට පත්වෙමින් සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් දායකත්වයක් ලබා දෙයි.🦌 🌿

මෙම නව කලාප හරහා සත්ව සුභසාධනය, සංරක්ෂණය සහ පාරිසරික අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
ඔබත් මෙම අලුත් අත්දැකීම විඳගැනීමට රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්න!👉
Previous Pinnawala Elephant Orphanage – 51 වන සංවත්සරය සමරයි.

Leave Your Comment

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

Find Us Across Sri Lanka

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex (Pvt) Ltd.