දශක නවයක සංරක්ෂණ මෙහෙවර සමරමු

Date
July 3, 2026
Time
00:00 - 23:59
Location
Dehiwala Zoo

වසර 90ක අභිමානවත් ගමනක්

වර්ෂ 1905 දී පමණ ජර්මන් ජාතික ජෝන් හාර්ගෙන්බෙක් මහතා විසින් ජර්මනියේ පිහිටි හැම්බර්ග් නගරයට සතුන් අපනයනය කිරීමට පෙර රඳවා තබා ගන්නා ස්ථානයක් විදියට අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුල ආරම්භ කර ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානය පසුව, කාලයත් සමඟ එම භූමියේ රඳවා සිටින අලි ඇතුන් හා වෙනත් සතුන් දැක බලා ගැනීමට පැමිණෙන අති විශාල පිරිස හේතුවෙන් මෙය අක්කර 11ක භූමි ප්‍රමාණයකට පුළුල් කරලා වර්ශ 1926 වන විට “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” ලෙස නම් කර තිබෙනවා.
වර්ෂ 1933 දී ඇතිවෙන දෙවන ලෝක යුද්ධයත් සමඟ “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත්වෙන අතර, පැන නැගුණු ඇතැම් ගැටළු හේතුවෙන් 1935 වර්ශයේ දී සමාගම බංකොලොත් භාවයට පත් වෙනවා.
මේ කාලයේ දී වන සතුන්ට ඉතා දැඩිව ආදරය කරන ඹ්ස්ට්‍රේලියානු ජාතික මේජර් ඹ්බරි එන්.වයිමන් මහතාගේ අවධානය “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” වෙත යොමු වෙනවා. මෙහි දී එතුමන් විසින් බ්‍රිතාන්‍ය රජයෙන් සිදු කරන ලද දැඩි ඉල්ලීමක ප්‍රථිපලයක් විදියට 1936 ජූලි මස 03 දින “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” රජයට පවරා ගනු ලැබීම සිදු වෙනවා.

මෙසේ පවරා ගැනීමෙන් පසුව උද්‍යානය අක්කර 23ක වපසරියක් දක්වා පුළුල් ‍කිරීම හා සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ වෙනවා.
එදා සිට අද දක්වා දෙහිවල ජාතික සත්වෝද්‍යානය, ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය, සත්ව සුබසාධනය සහ පාරිසරික අධ්‍යාපනය වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් පරම්පරා ගණනාවක සිත් සතන් දිනාගත් ජාතික උරුමයක් විදියට, වසර 90ක් පුරා දේශීය හා විදේශීය සත්ව විශේෂ රැසක් සුරක්ෂිත කරමින්, වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණය සඳහා විද්‍යාත්මක අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ජෛව විවිධත්වයේ වටිනාකම සමාජයට හඳුන්වා දෙමින් සුවිශේෂි මෙහෙවරක පුරෝගාමියා ලෙස සිය වගකීම නිසි ලෙස ඉටු කරමින් සිටිනවා.

සත්ව සංරක්ෂණයේ ජීවමාන සාධකයක් බදු දෙහිවල සත්වෝද්‍යානය සතුන් මෙන්ම සුවිශේෂී ශාක විවිත්වයකින්ද සපිරි සුන්දර වටපිටාවක් නිර්මාණය කරමින්, එදා සිට අද දක්වා පැමිනි ගමන්මග තුල දී මේ වන විට, නරඹන්නන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් දිනාගත් සුන්දර මින් මැදුරක්, සත්ත්ව ඉතිහාස කතා රැසක් එක් කරගත් කෞතුකාගාරයක්, නවීන පහසුකම් රැසකින් සමන්විත සත්ව රෝහලක්, සංරක්ෂිත උරග විශේෂ රාශියකට නවාතැන් සපයන අපූරු උරග උයනක් වගේ ම සතුන් සම්බන්ධ දැනුම බෙදා දෙන අධ්‍යාපන අංශයකින් ද සමන්විත වෙනවා.

සත්ව ආදරය, දැනුම සහ සංරක්ෂණය එකට බැඳුණු මේ අපූරු ගමන් මග, අනාගත පරපුර වෙනුවෙන් ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ වගකීම සිහිපත් කරනා අතරම හදවත, මනස සුවපත් කරන සුන්දර වටපිටාවක් ද නිර්මාණය කර තිබෙනවා. ඉතිං සත්ත්ව සුබ සාධනය හා සංරක්ෂණයේ අභියෝග ජය ගනිමින්, අනාගතය වෙත පියනගන මේ ගමනේ අභිමානවත් නව වන දශකයේ ආරම්භයයි මේ.
  • Organizer Name: Department of National Zoological Gardens - Sri Lanka
  • Phone: 011 2 712 751
Previous පාසල් ළමා චිත්‍ර තරගය – 2026

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

Find Us Across Sri Lanka

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex (Pvt) Ltd.